ශිෂ්නයේ හැඩය නිසියාකාරව තියාගන්න නම් නිතර ප්‍රාණවත් වීම අවශ්‍යයි. වෛද්‍යවරු කියන්නෙ මේක අභ්‍යාසයක් විදිහට කරන්න කියල. ශිෂ්නයේ පවතින මෘදු මාංශපේශී වරින්වර රුධිරයෙන් පිරිලා ක්‍රියාකාරී වෙන්න ඕනකmරනවා. දවසෙම ප්‍රාණවත් වීමක් නැති අයට මේ වෙනුවෙන් මොළයේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් එකක් තියෙනවා. නින්දේදී සිහින දකින අවධියේදී මේක ක්‍රියාත්මක වෙනවා. ඔයා සෙක්සි හීනයක් දකිනවද නැත්තං සොම්බි විනාසයක් දකිනවද කියන එක අදාල නෑ, ශිෂ්නය ප්‍රාණවත් වෙනවා.
ඒත් සමහර අයට දියවැඩියාව හෝ මුහුණ දුන් ඛේදජනක අත්දැකීමක් නිසා ශිෂ්නය ප්‍රාණවත් නොවෙන්න පුළුවන්. ඒ අය මේ ප්‍රාණවත් වීම ඇති කරන්න කටයුතු නොකළොත් ශිෂ්නය එන්න එන්න කුඩාවීමට පටන් ගන්නවා. මේ පේශීන් හැකිලී යාම නිසා සෙමි කීපයක් ශිෂ්නය කුඩාවෙන්න පුළුවන්.
ශිෂ්නය අප්‍රානිකව ඇතිවිට ප්‍රමාණය සහ ප්‍රාණවත් වූ පසු ප්‍රමාණය අතර සම්බන්ධයක් නෑ. අපිට හිතෙන්නෙ බැස්සම මෙච්චර නං නැග්ගම කොච්චර ඇද්ද කියලනෙ. ඒත් මේක හිතලුවක්. එක එක අයගෙ එක එක ප්‍රමාණවලින් විශාලවීම සිද්ද වෙනවා. අප්‍රාණිකව ඉතා කුඩාවට ඇති ශිෂ්නයක් ප්‍රාණවත් වීමේදී විශාල වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඇල්ෆ්‍රඩ් කින්සි දාහක විතර පිරිසක් එක්ක කරපු පර්යේෂණයක් අනුව අප්‍රාණික විට කුඩා ශිෂ්නයන් අප්‍රාණික විට දිග ශිෂ්නයන්ට වඩා දෙගුනයක් විතර දික්වෙනවා. කින්සි දැකපු විදිහට 12%ක් විතර ශිෂ්නයන් තුනෙන් එකක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකට දික්වුනා. 7%ක් විතර දෙගුනයකින් දික්වුනා. බහුතරයක් ශිෂ්නයන් සාමාන්‍ය මට්ටමක පැවතුනා.
බොහොමයක් පිරිමින්ගේ වඩාත්ම තෘප්තියක් ලබාදෙන ප්‍රදේශය පිහිටන්නේ ශිෂ්න මුන්ඩයට යටින්. මුලු ශරීරයම යොදාගෙන කළ පර්යේෂණවලින් පැහැදිලි වුනේ ශිෂ්න මුණ්ඩයට පහල කොටස වඩාත් තෘප්තිදායක වන අතර ඊළඟට මුණ්ඩයේ ඉහල සහ දෙපැත්ත තෘප්තිය අතින් පෙරටුව පිහිටන බවයි.
වයසත් එක්ක ශිෂ්නයේ සංවේදීබව අඩුවෙනවා. මේක නිශ්චිතවම මෙපමණකින් කියල කියන්න බෑ. නමුත් අවුරුදු 25 පටන් මේ අඩුවීම ආරම්භ වෙනවා. වඩාත්ම සංවේදීබව අඩුවෙන්නෙ අවුරුදු 65-70 අතර. ඒත් මේ තත්වය කිසි කෙනෙක් හඳුනාගන්නෙ නෑ. ඉතාම අඩු පැමිනිල්ලක් විදිහට තමයි මේක ගැන සඳහන් වෙන්නෙ.
වයිබ්රේටර්ස් තියෙන්නෙ කාන්තාවන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන් කොඳු නාරටියෙ ආබාධ ඇති පිරිමින්ට ලිංගික තෘප්තිය ලබාදෙන්න වයිබ්රේටර්ස් පාවිච්චි කරනවා. වයිබ්‍රේටර් එක ශිෂ්න මුන්ඩයට තද කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ ආස්වාදය ලබන්න පුළුවන්. ඒකෙ තියෙන ස්නායු උත්තේජනය කිරීමේ විශේෂ ක්‍රමය නිසා මේ ආස්වාදය අපි හිතනවාට වඩා වැඩියි කියලයි කියන්නෙ.
අපිට ඇහැට පේනවට වඩා අපේ ශිෂ්නය දිගයි. ඒකෙ කොටසක් තියෙන්නෙ අපේ ශරීරය ඇතුලෙයි. හරියටම ගහක පස් යට තියෙන කොටස වගේ. MRI එකකින් පේන විදිහට ප්‍රාණවත් පුරුෂ ලිංගයක් හරියට බූමරංගයක් වගේ.
ඒ වගේම පුරුෂ ලිංගයේ පෙරසම කොටස බැක්ටීරියාවලට ජනාවාසයක් කියලයි කියන්නෙ. මේ පෙරසම ඉවත් කළ අය සහ පෙරසම ඇති අය යොදාගෙන කළ පර්යේෂණවලදී පෙරසම ඉවත් කළ අයගේ බැක්ටීරියා බෙහෙවින් අඩු බව පෙනී ගියා. ඒ වගේම පෙරසම ඉවත් කිරීමෙන් එච්අයිවී සහ ලිංගික රෝග බෝවීම 60%ක් පමණ අඩුවන බවත් දකින්න තියෙනවා. ඒකට හේතුව විදිහට කියන්නෙත් මේ බැක්ටිරීයා මගින් ඒ රෝග බෝවීමේ අවදානම වැඩි කරන බවක්. ශිෂ්න පිළිකා ඇතිවීමේ අවදානමත් පෙරසම ඉවත් කිරීමෙන් අඩුවෙනවා. ඒක නිසා ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා පෙරසම ඉවත් කිරීමත් නරක අදහසක් නෙමෙයි.
Resources - Faculty of sex