Join Our Telegram Channel Join Now

සරාගී කොදෙව්ව ( ලිපි අංක 01 )

Kaama


 

❤️❤️සරාගී කොදෙව්ව❤️❤️

අදින් සරාගිකත්වය සහ ලිංගිකත්වය ගැන මම ලියන ලිපි මාලාව ආරම්භ වෙනවා. මේ ලිපි වැදගත් වෙන්නේ නිවැරැදි ලිංගික සහ සරාගී ජීවිතයක් ගෙවන්න අදහස් කරන අයට විතර යි. ඒක මුලින් ම කියා තිබීම  වැදගත් වෙනවා. ඒ වගේ ම මම විවාහයට පෙර සහ විවාහයෙන් බාහිර ලිංගික සහ සරාගී සබඳතා පැවැත්වීම අනුමත කරන්නේ නෑ. සරලව කිව්වොත් "කසාද බඳින්න කලින්" සහ "අනියම් වශයෙන්" පවත්වන සබඳතාවලට මම එකඟ නෑ. කෙනෙක්ට මානසික සහ කායික වශයෙන් ඉහළ  තෘප්තිමත් බවක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ විවාහය තුළින් පමණක් ම බව මම උදාහරණ ගණනාවකින් අත්දැකලා තියෙනවා. ඒ නිසා අවිවාහක අය මේ ලිපි කියවලා අනාගත විවාහය වෙනුවෙන් එකතු කරලා තියා ගන්න. විවාහක අය මේ ලිපි කියවලා සරාගී රසය අත්විඳින්න.

ලිපි අංක 01

🌹නිරවුල් මිනිසෙක් වෙමු🌹

ලිංගිකත්වය සහ සරාගිකත්වය සොයා ගෙන යන ගමනේ පළමු පියවර අදින් ආරම්භ වෙනවා. නිරවුල් පුද්ගලයෙක් වීම

ඉතා රසවත් සහ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත සඳහා ඉතා වැදගත් අවශ්‍යතාවයක්. අවුල් සහගත පුද්ගලයන්ට රසවත් සහ තෘප්තිමත් ලිංගික සහ සරාගික ජීවිතයක් ගත කරන්න බැරි බව මම අත්දැකලා තිබෙනවා. 

පුද්ගලයෙක් ගේ නිරවුල් බවේ ප්‍රධාන අංග දෙකක් තියෙනවා,

1. මානසික නිරවුල් බව

2. කායික නිරවුල් බව

අද අපි මෙයින් මානසික නිරවුල් බව ගැන කතා කරමු.

තෘප්තිමත් සහ රසවත් ලිංගික ජීවතයක් ගත කරන්න අවශ්‍ය නම් ඔබ මුලින් ම ඔබේ මනස නිරවුල් කරගන්න අවශ්‍ය යි. කෝපය, ඊර්ෂ්‍යාව, වෛරී සිතුවිලි, අනවශ්‍ය බිය, සැකය, විවිධ ගැටලු වැනි දේවල් මනසේ පුරවා ගෙන ඉන්නා අයට ලිංගිකත්වය සහ සරාගිකත්වය රස විඳින්න බැහැ. මොක ද, ඒ අයගේ මනසේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ පෙර කියූ අවුල් සහගත සිතුවිලි නිසා. ඒ නිසා ලිංගිකත්වය සහ සරාගිකත්වය රස විඳින්න නම් ඒ අවුල් සහගත සිතුවිලිවලින් බැහැර වීම අනිවාර්ය යි. නිතර කෝපය, වෛරය, සැකය සහ බිය වැනි සිතුවිලි තමන් ගේ මනසට එනවා නම් ඒ අය මනෝ විද්‍යා උපදේශනය සහ ප්‍රතිකාරවලට යොමු වීම අවශ්‍ය යි. ඒ අවුල් සහගත සිතුවිලිවලින් නිදහස් නොවී සාර්ථක ලිංගික ජීවිතයක් ගෙවන්න බැහැ.

තමන්ට ම තමන්ගේ මනසේ ඇති අවුල්කාරී තත්ත්ව සොයා ගෙන නිරවුල් කර ගැනීමේ ක්‍රමයක් මම මීළඟ ලිපියෙන් කියා දෙන්නම්. මානසිකව නිරවුල් වීම ගැන අපේ සාකච්ඡාව තවමත් අවසන් නැහැ. මී ළඟ ලිපියෙන් ඉතිරිය....

Erotic guru Buddhi❤

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.