❤️❤️සරාගී කොදෙව්ව❤️❤️
🔥පළමු ලිපිය (2024.12.21) හා සම්බන්ධ යි.
🔥පළමු ලිපියේ දෙවැනි කොටස🔥
මානසික නිරවුල් භාවය නැති නිසා අවුල් වී ගිය ලිංගික සහ සරාගී ජීවිත තුනක් පිළිබඳ උදාහරණ සාකච්ඡාවක් මම අද ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම කිව යුතු දේ නම් මේ චරිත 3ම මම හමු වී සාකච්ඡා කළ අය බව යි. කිසිසේත් ම මන: කල්පිත චරිත නෙවෙයි. ඒ අය ගේ වයස සහ විස්තර ලෙස දක්වා තිබෙන්නේ මම මුණ ගැසෙන අවස්ථාවේ පැවති වයස සහ ලබා දුන් විස්තර යි.
1. මුල්‍ය ආයතනයක කළමනාකරු (වයස 50)
මේ පුද්ගලයා ඉතා කඩවසම්, ප්‍රභූ පවුල් පසුබිමක් සහිත, හොඳ අධ්‍යාපනයක් සහිත සහ ඉහළ පෙළේ මුල්‍ය ආයතනයක නිලධාරියෙක්. මොහු විවාහ දෙකක් කරගෙන තියෙනවා. විවාහයෙන් බාහිර සබඳතා කිසිවක් පවත්වා නැහැ.
මේ පුද්ගලයා ඉතා කඩවසම්, ප්‍රභූ පවුල් පසුබිමක් සහිත, හොඳ අධ්‍යාපනයක් සහිත සහ ඉහළ පෙළේ මුල්‍ය ආයතනයක නිලධාරියෙක්. මොහු විවාහ දෙකක් කරගෙන තියෙනවා. විවාහයෙන් බාහිර සබඳතා කිසිවක් පවත්වා නැහැ.
මේ පුද්ගලයා මානසික ගැටලුවක් නිසා තමන් ගේ ලිංගික සහ සරාගී ජීවිතය අවුල් කරගත් කෙනෙක්. විවාහ දෙකම ලිංගික කරුණු මත අසාර්ථක යි.
ඔහු මට ලබා දුන් විස්තර අනුව ඔහුට වයස අවු.13 දී සිය මව ගේ අනියම් සම්බන්ධයක් හසු වී තිබෙනවා. තම මව අනියම් පුරුෂයා සමඟ සිදු කරන යම් ලිංගික කටයුත්තක් ඔහු දැක තිබෙනවා. මේ සිදුවීමෙන් ඔහු මානසික ව ඉතා දැඩි කම්පනයකට සහ කණගාටුවකට පත් වෙනවා. ඒ දැඩි මානසික කම්පනය ඔහු ගේ මනසේ ඉතා තදින් තැන්පත් වෙලා. මේ සම්බන්ධයෙන් ඔහු කිසිම මනෝ ප්‍රතිකාරයකට යොමු වෙලා නැහැ. කාන්තාවන් කෙරෙහි අවිශ්වාසය, ලිංගික ක්‍රියාකාරකම් නරක දෙයක් ලෙස සිතීම, කලහකාරී බව මේ පුද්ගලයා තුළ දක්න ලැබුණා. ඒ අනුව තම බිරින්දෑවරු සමඟ නිසි විශ්වාසයකින් කටයුතු කිරීමටත් සරාගී සහ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගෙවන්නත් ඔහුට නො හැකි වුණා. වරක් ඔහු දෙවැනි බිරිඳට ලිංගික කටයුතු කරන අතරවාරයේ ම සුළු අත්වැරදීමක් ගැන ප්‍රශ්න කර පහර දී තිබුණා.
2. රූමත් කාන්තාව (වයස අවු.39)
මේ කාන්තාව ධනවත් සහ රූමත් කෙනෙක්. ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත යි. ඉතා හොඳ ගතිගුණ තිබුණු ඇය ඉතා ලස්සනට කතා කරනවා, සින්දු කියනවා, ලස්සන ඇඳුම් අඳිනවා. ඇය ඉතා ම හොඳ කෙනෙක්. ඇය විදේශ ගත ව සිට පැමිණි තරුණයෙක් සමඟ විවාහ වුණා. නමුත් විවාහය අසාර්ථක යි. ඒකට හේතුව පුදුමාකාර යි. ඇය එක්තරා ආගමික ආයතනයකට බැඳී සිටියා. ඇය ඒ ආගමික ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකාවක්. මේ කාන්තාව ඒ ආගමික ආයතනයේ ඉගැන්වීම්වලට ඉතා තදින් නතු වී තිබුණා. ඇය ඒ ඉගැන්වීම් අකුරට ම පිළිපැද්දා. ඇත්තෙන් ම ඒ ආගමික විශ්වාස ඇයගේ මනසට ඉතා තදින් කා වැදී එක්තරා අන්ධ විශ්වාසයකට නතු වූ තත්ත්වයක් ඇති වී තිබුණා. ඇය ගේ සුඛෝපභෝගී ජීවන රටාවට ලස්සන කතාවට මිහිරි ගායනාවලට බොහෝ දෙනා වශී වුණත් මේ ආගමික විශ්වාස හරහා ඇය ගේ මනසේ ඇති වී තිබුණු විපර්‍යාස කවුරුත් දන්නේ නැහැ. ඇය තමන් ගේ සැමියාට ලිංගික ජීවිතය ගැන බොහෝ තහංචි දැමුවා. ලිංගික ජීවිතයක් අවශ්‍ය නම් තමන් සමඟ ආගමික කටයුතුවලට සහභාගී වීම අනිවාර්ය කළා. ලිංගිකව හැසිරිය යුත්තේ දරුවන් බිහි කිරීමට පමණක් බව කිව්වා, දරුවන් සෑදීමේ අපේක්ෂාවෙන් තොරව ලිංගික කටයුතු කිරීම පවක් බව ඇය කිව්වා, උපත් පාලනය මුලුමනින් ම ප්‍රතික්ෂේප කළා, ලිංගික කටයුතු සඳහා දින වෙන් කර අන් දිනවලට එසේ හැසිරීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ විවාහයෙන් මාස දෙකක් පමණ ගිය පසු පුරුෂයා මේ කාන්තාව ගෙන් ඉවත් වුණා.
3. හුදෙකලා දිවියකට පුරුදු වුණු පුද්ගලයා (වයස අවුරුදු 39)
හොඳ ආදායමක් සහ අධ්‍යාපන පසුබිමක් සහිත මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ හුදෙකලා ජීවිතයකට හුරු වී සිටි කෙනෙක්. පාසල් ගොස් තිබෙන්නේ නේවාසිකාගාරයක සිට යි. ඉන්පසුව වැවිලි අංශයේ රැකියාවකට යොමු වන මේ පුද්ගලයා හුදෙකලා ව පිහිටි වතුයායක සේවය කර තිබෙනවා. පාසලේ 6 වසරේ ඉගෙන ගන්නා කාලයේ පටන් ස්වයං වින්දනයට මේ පුද්ගලයා යොමු වෙලා. සමාජය සමඟ ඇසුර අඩු මේ පුද්ගලයා ක්‍රමානුකූලව සහෝදර සිසුන් හරහා ලැබෙන වැඩිහිටි ඡායාරූප සහිත පත්තර ආදිය කියවමින් දවසකට වාර කිහිපය බැගින් ස්වයං වින්දනයට යොමු වී තිබෙනවා. රැකියාවට යාමෙන් පසුව විවිධ වැඩිහිටි දර්ශන ආදියත් නරඹමින් දවසට වැඩි වාර ගණනක් ස්වයං වින්දනය කළ මේ පුද්ගලයා එයට ඇබ්බැහි වුණා. මෙහි දී සැලකිය යුතු කාරණය වන්නේ මේ තත්ත්වය මත ලිංගික තෘප්තිය ලෙස ස්වයං වින්දනයෙන් ලබන සතුට සැලකීමට මේ පුද්ගලයා යොමු වීම යි. මෙහි ප්‍රතිඵලය වුණේ මේ පුද්ගලයා දිනකට වාර කිහිපයක් ස්වයං වින්දනය කිරීමෙන් ලබන සතුට තමන්ගේ ලිංගික ජීවිතය ලෙස සැලකීම යි. පසුව මේ පුද්ගලයා විවාහ වූ අතර එය අසාර්ථක වුණා. ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වීමට මනස දීර්ඝකාලීන ව හුරුවීමත් දීර්ඝකාලීනව හුදෙකලාව ජීවත් වීමත් නිසා පුද්ගල ඇසුරු කිරීම් හුරු නො වීමත් ඊට හේතු වුණා. මේ පුද්ගලයා කාන්තාවක් සමඟ ගෙවන ලිංගික ජීවිතය දැක්කේ අනවශ්‍ය මහන්සියකින් සතුටු වීමට උත්සාහ කිරීමක් ලෙස යි.
මේ සාකච්ඡා තුනෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති මිනිසුන්ට මොන තරම් හොඳ ධනයක්, රැකියාවක්, අධ්‍යාපනයක්, රූමත් බවක්, හැකියා ප්‍රමාණයක් තිබුණත් ඒ සියල්ල අභිභවා මානසික අවුල් සහගතභාවයන් ඉස්මතු වෙන බව. මානසික නිරවුල් බවක් නැති පුද්ගලයෙකුට කවදාවත් සාර්ථක ලිංගික සහ සරාගී ජීවිතයක් ගෙවන්න බැහැ.
ඒ නිසා විවාහ වීමට කලින් තමන් ගේ සහකරුවා / සහකාරිය ගේ මානසික තත්ත්වය, ඇබ්බැහි වීම්, ලිංගිකත්වය පිළිබඳ අදහස්, අතීතයේ ලැබූ අත්දැකීම් ආදිය ගැන හොඳින් සොයා බලන්න. මේ සාකච්ඡා තුනේ ආකාරයට ගැටලුවක් තිබේ නම් කල් නොබලා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.
පළමු ලිපියේ ඊළඟ කොටසින් ලිංගික කටයුතු සඳහා මනස ඒකාග්‍ර කිරීමේ ක්‍රමයක් සහ අනෙකුත් විස්තර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා
(මේ ලිපිය කියවන ඔබ කමෙන්ට් එකක් සහ රිඇක්ට් එකක් යොදන්න අමතක කරන්න එපා. මේ ලිපියේ කරුණු ගැන ඔබේ අදහස් කියන්න. ඒක රචකයාට දිරිගැන්වීමක්)
ඊළඟ ලිපියෙන් හමුවෙමු.
Erotic guru Buddhi❤️