Join Our Telegram Channel Join Now

ශෘ‍ක්‍රාණු වල රසය වැඩි කරමුද ??

Kaama



එක පාරකට මිලියන සිය ගානක් ශුක්‍රාණු එළියට ආවට මොකද ඒ විදියට එළියට එන්නේ සේරම ශුක්‍රාණු පැටව් නෙමේ. ශුක්‍ර තරලය කියලා තමා ඒ එලියට එන එකට කියන්නේ. ශුක්‍ර තරලයෙනුත් 10% කට වඩා අඩු ප්‍රමාණයක් තමා ශුක්‍රාණු තියෙන්නේ.

 

ශුක්‍රාණුවක් යෝනි මාර්ගයෙන් ඇතුලට ගියාම බබෙක් හදන්න යන්න තියෙන්නේ හරිම දුෂ්කර, කර්කශ ගමනක්. ශුක්‍රාණු වල තියෙන පෝෂ්‍ය පදාර්ථ තමා ඒ ගමනට ශුක්‍රාණු ඔරොත්තු දෙන විදියට ශුක්‍රාණු ටික බලා ගන්නේ.

 

ප්‍රෝටීන්, සිට්‍රික් ඇසිඩ්, විටමින්, ඛනිජ ලවණ, එන්සයිම, මැග්නීසියම්,කැල්සියම්, ෆ්රුස්ක්ටෝස්, කොපර්, සින්ක්, සල්ෆර් වගේ එකී මෙකි නොකී පෝෂ්‍ය පදාර්ථ බර ගාණක් ශුක්‍ර තරලයේ තියෙනවා.

 

ඒ අතරින් ෆ්රුස්ක්ටෝස්/ Fructose තමා ශුක්‍රාණු වලට ඔය ගමන යන්න ඕන කරන ශක්තිය දෙන්නේ. ෆ්රුස්ක්ටෝස් කියන්නේ සීනි වල එක ස්වරූපයක්. ඒ කියන්නේ ෆ්රුස්ක්ටෝස් වල පැණි රසක් තියෙනවා. ඉතින් ඔය ශුක්‍ර තරලයේ තියෙන ෆ්රුක්ටෝස් වලට පුළුවන් ශුක්‍ර තරලයට ටිකක් පැණිරසක් දෙන්න.

 

එතකොට ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් වැඩි කරන්න නම් ෆ්රුක්ටෝස් තියෙන කෑම වර්ග වැඩියෙන් කන්න.

 

ෆ්රුක්ටෝස් තියෙන කෑම මොනාද?

📌අන්නාසි මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පළතුරක්. අඹ, ගස්ලබු, දොඩම් වගේ පළතුරු වලත් ෆුක්ටෝස් තියෙනවා.

 

📌සෙස් කරන්න කලින් අන්නාසි කෑවා කියලා නම් වැඩක් නෑ. ශුක්‍ර තරලය පැණිරස වෙන්න ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනනේ, ඒකටත් සෑහෙන කාලයක් යන හින්දා සෙස් කරන්න හිතාගෙන ඉන්න දවසට කලින් දවසේ වත් කන්න වෙනවා. එහෙමයි කියලා ශුක්‍ර තරලය මි පැණි වගේ රස වෙන්නෙත් නෑ. සාමාන්‍ය රස පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා කියන්නේ.

 

ඊට අමතරව ශුක්‍ර තරලයේ රස, සුවඳට බලපාන තව හේතු ටිකක් කියන්නම්.

 

📌ශුක්‍ර තරලයෙන් 90% කටත් වඩා තියෙන්නේ ජලය. වතුර වැඩියෙන් බොන කෙනෙක්ගේ ශුක්‍ර තරලයේ සුවඳ වතුර අඩුවෙන් බොන කෙනෙක්ට වඩා සුවඳ හොඳයි.   

 

📌කොපි, ඇල්කොහොල්, සුදුළුනු, ළුණු, ගෝවා, මස්, කිරි ආහාර,බැදපු කෑම වගේ දේවල් වලින් ශුක්‍රාණු තරලයේ රස සහ සුවඳ පොඩ්ඩක් අවුල් යනවා.

 

📌තව සිගරට් බොන එකත් ඕකට ලොකුවටම නරක විදියට බලපානවා.   

 

ඔන්න එහෙනම් ළඟදී දවසක සෙස් කරන්න ඉන්නවා නම්, කලින් දවස් ටිකේ පේ වෙන්න ඕන විදිය කොල්ලෝ ටික දැන් දන්නවා.

 

#XeducationSL 

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.