මානසික ලිංගික උද්දිප්නය වතුර පාරකට සමාන කළොත්, වතුර එකතු වෙන්නේ පහළම ස්ථානය, නිසලම ස්ථානය. අපි යමක් කළොත්, වතාවක් දෙවතාවක්, ඊට පස්සේ කිහිප වතාවක් අපේ ක්‍රියාව හුරුවක් වෙනවා. ඒ හුරැව comfort එකක් වෙනවා. අපි ඊට පස්සේ ඒ හුරුව, ඒ කාලයට නීරායාසයෙන් බාර දෙනවා.
උදාහරණයක්:
මම වැඩට යනවා ගෙදර එනවා. එදා හවස වැස්ස. මට රූපවාහිනිය බලන්න බැරි වෙනවා. දුරකථනය ගන්න බැරි වෙනවා විදුලි කෙටීම් නිසා. මම පොතක් කියවනවා. මේ වැහි කාලගුණය දවස් දෙක තුනක් තියෙනවා. මම පොතක් කියවීම ක්‍රියාකාරකමක් කරගන්නවා. ඊට පස්සේ අපේ මනස හුරුවක් ඇති කරගන්නවා, මම වැඩට ගිහිල්ලා ආවම මට තියෙන නිදහස් වේලාව පොතක් කියවන කාලය කියල. ඒක comfort ක්‍රියාකාරකම වෙනවා.
අපේ දෛනික ක්‍රියා අරගෙන බලන්න අපි මෙහෙම අනවබෝධයෙන් සමහර වෙලාවට, පුරුද්දක් විදියට කාලයක් දෙයකට වැය කරන අවස්ථා කොච්චර තියෙනවා ද කියලා.
Addiction එකක්,
සරල තේරුම්, කිසියම් ක්‍රියාවක්, අපි කරන, මේ ක්‍රියාව අපිට, වෙනත් කෙනෙකුට එහෙමත් නැත්නම් දෙපාර්ශවයටම මානසික, ශාරීරික බාධාවක් වීමක්.
උදාහරණ 1: පොත් කියවීම. අපි මේ ක්‍රියාව අධිකව කරන කෙනෙකුට කියන්නේ නැහැ ඒක addiction එකක් කියලා. හේතුව, එකෙන් සිදුවන හානිය ගණනය කළොත් පෞද්ගලික හෝ වෙනත් කෙනෙකුට හානි අවම හෝ නැති තරම්
දුම් බිමක් addiction එකක් විදියට හදුන්වනවා. හේතුව, එකෙන් තමාටත්, අනෙක් කෙනාටත් මානසික හා ශාරීරික ආපදා ඇති වෙනවා.
උඩ කිව්වා කාරණා දෙකම ආපහු අරගත්තම, porn වලට ඇබ්බැහි වීමක් අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන්. අපි අපේ කාලයක් වැය කරනවා, එකෙන් අපේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න ඉඩක් තියෙනවා. ඇබ්බැහි වීමට හේතුව, ආශාව ම පමණක් නෙමෙයි. උඩ කිව්වා පළවෙනි කාරණාව. යම් අවස්ථාවකදී, අපි නොදැනුවත්ම එයට ආවේණික කාලයක් අපි ලබා දීලා තියෙනවා. මේ කාලය කිසියම් කාල සීමාවක් ගියාට පස්සේ වර්ධනය වෙන්න, විතරක් නෙමෙයි ඒ ක්‍රියාකාරකම හරහා දැනෙන සංවේදක හේතුවක් කරගෙන තවත් කාල රාමුවක් නිර්මාණය කරගන්නත් පුළුවන්. එතකොට අපි නිරන්තර ඒ දෙයට නොදැනුවත්වම යොමු වෙලා.
ඉවත් වෙන්නේ කොහොම ද?
දීර්ඝ අභ්‍යාස තියෙනවා. මෙහෙම පැහැදිලි කරන්න අමාරු. සරල න්‍යාය කියන්නම්. කාල කළමනාකරණය එකක්. අපේ දෛනික කාල සටහනේ නිකරුනේ ගෙවන කාල රාමු හඳුනා ගන්න ඕනේ. ඒ කාල වල අපි කරන ක්‍රියාකාරකම් හඳුනා ගන්න ඕනේ. රාගයක්, horny feeling එකක් මග හරවන්න, විතැන් කරන්න පුළුවන් සාර්ථකම, සොබාවික ක්‍රමය තමා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම. අපේ මේ රාගයට වෙන් වෙන කාලය ව්‍යායාම, සිරුර වෙහෙසන වෙනත් ක්‍රියා, ක්‍රීඩා, කණ්ඩායම් ක්‍රියා, ( පවුලේ අය එක්ක කාලය ගත කිරීම, යහළුවන් සමඟ කාලය ගත කිරීම ) තනි වීම අවම කරන්න. අනිවාර්යෙන් කළ යුතු හැබැයි අපි තරමක් කම්මැලි ක්‍රියාකාරකමක් කරන්න. ගෙදර මකුළු දැල් කඩන්න ඕනේ. හැබැයි කම්මැලි අපිට. මේ කාලය ඒකට ගන්න. රෙදි සෝදන තියෙනවා. කම්මැලි ඒකට. මේ කාලය තමා සුදුසුම කාලය. මේ විදියට අපේ නිකරුනේ වැය වෙන කාලය තුළ ක්‍රියාකාරකම් වෙනස් කරන්න. එතකොට අපේ කාල රාමු වෙනස් වෙනවා. අපේ මනස ඉබාගාතේ යන එක අවම වෙනවා. වතුර ගලාගෙන ඇවිල්ලා පහළ එකතු වෙන එක අපි වෙනස් කරලා. දැන් දිගටම ගලාගෙන යනවා. මේ විදියට අභ්‍යාස ටිකක් කරගෙන යද්දී අපි අපේ කාල කාලය රාගයට වෙන් කරපු එක වෙනස් වෙලා ඇබ්බැහි වීම ආශාවකට වෙනස් වෙනවා. නිරන්තර අවශ්‍යතාවය අවම වෙලා ඉවත් වෙනවා. එකවර සිද්ධ වෙන්නේ නෑ. දවසෙන් දෙකෙන්. සැලකිය යුතු කාලයක් නිසි විනයක් එක්ක මේ දේවල් කළොත් ඇබ්බැහි වීමෙන් ඉවත් වෙන්න පුළුවන්.
මේ ක්‍රමය ඕනෑම මානසික ඇබ්බැහි වීමකට අත්හදා බලන්න පුළුවන්. හඳුනා ගත යුත්තේ, අපි ඒ දෙයට වැය කරන කාල රාමුව හා energy ප්‍රමාණය. ඊට පස්සේ ඒක replace කරන්න පුළුවන් වෙනත් ඵලදායී ක්‍රියාවක් සිදු කිරීම.
- kavindi